January, 11, 2017
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි දැනට වැඩ වර්ජනයෙහි යෙදී සිටින වෘත්තීය සමිති කිහිපයකට හා හියුමන් කැපිටල් සොලූෂන් ආයතනයෙහි සේවකයන් විසින් දියත්කොට ඇති වැඩවර්ජන විරෝධතා ව්‍යාපාරයට එරෙහිව නියෝගයන් කොළඹ දිසා අධිකරණය හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B 4132/16 ට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හා හියුමන් කැපිටල් සොලූෂන් ආයතනයේ සේවකයන්ට, මාර්ගයේ ගමන් ගන්නා රථවාහන හා මහජනතාවට පීඩා වන සේ පදික වේදිකාව හා මහා මාර්ගය භාවිතා කරමින් විරෝධතා පැවැත්වීම තහනම් කර නියෝගයක් නිකුත් කර ඇත.
තවද කොළඹ දිසා අධිකරණ නඩු අංක 3/2017/DSP අනුව වැඩවර්ජනයේ යෙදී සිටින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි වෘත්තීය සමිති කිහිපයකට 2017 ජනවාරි 19 වැනිදා දක්වා පනවා ඇති වාරණ නියෝගයට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සහ / හෝ එහි සේවකයන්ට අයත් කිසිදු චංචල සහ නිශ්චල දේපළකට හානි කිරීම තහනම් වේ. එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් කොන්ත්‍රාත් ක්‍රමයට හෝ වෙනයම් ක්‍රමයකට සේවය ලබා ගන්නා සේවකයින් සහ / හෝ පුද්ගලයන්ට තර්ජනය කිරීම, අපහාස කිරීම සහ / හෝ ඔවුන්ගේ සේවා ස්ථාන වලට පැමිර්ණම වැළැක්වීම සහ ඔවුන් බිය වද්දා ඔවුන්ගේ සේවා ස්ථාන වලින් සේවය කරන විට පිටතට ගෙන යාමට සහ / හෝ එම සේවකයින්ගේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවය කිරීමේ කටයුතු වලට සම්බන්ධව කිසිදු අයුරකින් බාධා කිරීමත් එමගින් වළක්වාලනු ඇත.
Video Story