ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ සේවා වැඩිදියුණුවට කමිටුවක්

    January, 18, 2017

    මගී ප්‍රවාහනයට යොදාගනු ලබන ත්‍රිරෝද රථ මඟින් හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ මඟින් ලබා දෙනු ලබන සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි.

    එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.