පෑලියගොඩ අලුත් මැනිං වෙළඳපොළේ පයිල් වැඩවලට කැබිනට් අනුමැතිය

    January, 25, 2017

    බස්නාහිර ප්‍රදේශ මහනගර සංවර්ධන සැලැස්ම යටතේ පිටකොටුව මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.

    ඒ අනුව, මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කිරීම සඳහා භූමිය සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කරනු ලැබ ඇති අතර එහි ඊළඟ පියවර වශයෙන් ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ (Construction of Pile Foundation) කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.