January, 26, 2017
ශ්රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද Sri Lankan Entrepreneur 2016 සම්මාන ප්රදානෝත්සවය පසුගිය දා පැවැත්විණි. එහිදී SMS Holdings (Pvt) Ltd හි සභාපති, කළමනාකාර අධ්යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතා National Level - Extra large කාණ්ඩයේ ප්ලැටිනම් සම්මානය ජයග්රහණය කරන ලදී.
ෂෙහාන් සෙනෙවිරත්න මහතා SMS Holdings (Pvt) Ltd සමාගමට අමතරව SMS Plantation & Leisure (Pvt) Ltd, The Greenery Company (Pvt) Ltd හා Black Diamond Security Services (Pvt) Ltd යන සමාගම්වල ද සභාපති/ කළමනාකාර අධ්යක්ෂවරයා වේ. එසේම ඔහු Ceylon Petroleum storage terminals Ltd සමාගමේ වත්මන් සභාපතිවරයා ද වේ.
Video Story