January, 30, 2017
බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල දෙවන කොටස ඉදි කිරීම සඳහා MG Consultants සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය පසුගියදා කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීය. මෙය මුළුමනින් ම ශ්‍රී ලාංකේය කොන්ත්රාත්තුවක්වන අතර 2019 වසරවන විට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම අරමුණයි. මෙහි ප්‍රධාන උපදේශන සමාගම ලෙස ඒකඡන්දයෙන් තේරී පත් වූ MG Consultants සමාගම 1998 වසරේ පටන් මෙරට සමාජ-ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වය ලබා දුන් සංකීර්ණ ව්‍යාපෘති රැසකට පරිපූර්ණ උපදේශන සේවා ලබා දී ඇත.
කඩවත සිට දඹුල්ල දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගය පොතුහැර සිට ගලගෙදර දක්වා සම්බන්ධක අධිවේගී මාර්ගයකින් සම්බන්ධ වේ. මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස කි.මී 39.9 ක දිගකින් යුතුවන අතර, මීරිගම, නාකුළුගම, දම්බෝක්ක සහ කුරුණෑගල යන ස්ථානවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන හතරකින් ද යුතු වේ.
Engineering Consultants, Resources Development Consultants, Consulting Engineers & Architects Associated, Central Engineering Consultancy Bureau, Green Tech Consultants සහ OCYANA Consultant ඇතුළු සමාගම් හතක සමූහයක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, MG Consultants සමාගම එය මෙහෙයවනු ලබයි.
"මෙතරම් විශාල ව්‍යාපෘතියක් මුළුමනින් ම ශ්‍රී ලාංකික කණ්ඩායමකට හිමි වූ පළමු අවස්ථාව මෙය වන බැවින් ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ඒ පිළිබඳව ද ආඩම්බර විය හැකියි. මෙය ශ්‍රී ලංකාව සිය විශේෂඥ දැනුම සහ කුසලතා කෙතරම් වේගයෙන් වර්ධනය කරගෙන තිබේද යන්නට කදිම සාක්ෂ්‍යක් සපයනවා. දැන් අපට ජාත්‍යන්තර උපදේශන ආයතන සමග කරට-කර හිඳිමින් මෙරට තිරසාර සංවර්ධනය සඳහා දායක විය හැකි සංකීර්ණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකියි" MG Consultants සමාගමේ කළමනාකාර අධ්යක්ෂ රංජිත් ගුණරත්න මහතා සඳහන් කළේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි, වැඩ බලන අධ්යක්ෂ ජනරාල් ඩී.කේ. රෝහිත ස්වර්ණ, ක්‍රියාකාරී අධ්යක්ෂ ජේ.ටී.එස්.පී. කාරියවසම්, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්යක්ෂ එස්.ඩී.එස්. දේශප්‍රිය, ව්‍යාපෘති අධ්යක්ෂ වී.මොහාන් යන මහත්වරු ද, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් අධ්යක්ෂ ඩී.ඩී. මාතරාරච්චි මහතා ද, උපදේශන සමාගම් නියෝජනය කරමින් Resources Development Consultants ආයතනයේ මහාමාර්ග සහ ගමනාගමන අංශයේ අධ්යක්ෂ කේ.ඩබ්. ප්‍රනාන්දු, Central Engineering Consultancy Bureau හි මාර්ග අංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී ඩබ්.ඒ.ඩී.ඩී. නන්දකුමාර, OCYANA Consultant හි අධ්යක්ෂ අජිත් වන්නිආරච්චි, Engineering Consultants හි කළමනාකාර අධ්යක්ෂ ප්‍රභාත් ජයසුන්දර, MG Consultants හි කළමනාකාර අධ්යක්ෂ රංජිත් ගුණරත්න, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලිනී සේනාසේකර යන මහත්ම මහත්මීහු ද, ව්‍යාපෘතියේ නියෝජ්‍ය කණ්ඩායම් නායක ප්‍රභාත් පෙරේරා සහ MG Consultants හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකාර උපාලි පුෂ්පකුමාර මහත්වරු ද කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වූහ.

සේයා රූ සටහන : මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි මහතා සහ MG Consultants සමාගමේ කළමනාකාර අධ්යක්ෂ රංජිත් ගුණරත්න මහතා කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීමෙන් අනතුරුව අතට-අත දෙමින්
Video Story