මූලප්‍රාග්ධනය වැඩිකරගන්න අමානා – ICD සාකච්ඡා දිගටම

    January, 30, 2017

    වාණිජ බැංකුවල මූලප්‍රාග්ධන මට්ටම ඉහළ නැංවීමේ ශ්‍රී ලංකා මහ බැංකු නියමයන්ට අනුව අමානා බැංකුව සිය ප්‍රාග්ධනය රුපියල් බිලියන 7.5 දක්වා ඉහළ නංවා ගත යුතු කාලසීමාව 2017 ජනවාරි 01 සිට 2017 ජූනි 30 දක්වා දීර්ඝ කර තිබෙන බව දැනුම් දී සිටී.

    මේ අතර 2018 ජනවාරි 01 වන විට බැංකුවේ මූලප්‍රාග්ධන මට්ටම රුපියල් බිලියන 10 දක්වා ඉහළ නංවා ගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දන්වා තිබේ.

    සිය මූලප්‍රාග්ධන මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා කොටස් නිකුතුවක් හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට අමානා බැංකුව මේ වන විට සැලසුම් කර ඇත. මෙහිදී IB Growth Fund (Labuan) LLP (IBGF) විසින් කළමනාකරණය කරනු ලබන ආයෝජන අරමුදලක් වන Islamic Corporation for The Development of Private Sector සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව අමානා බැංකුව විසින් අද (30) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙන ලදී.