රේණුකා ෆුඩ්ස් වෙතින් මිස්ටර් පොප් Wafer Sticks සමඟ අලුත් රසයක්

    January, 31, 2017

    රට පුරා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රස නහර පිනවන ස්නැක්ස් පෙළක් ඉදිරිපත් කළ මිස්ටර් පොප් (Mr. POP) යනු දශකයක පමණ කාලයක් තිස්සේ මෙරට අතිශය ජනප්‍රිය ආහාරයකි. විවිධ රස වර්ග රැසක් කැටුව වෙළෙඳපොළට පැමිණෙන මිස්ටර් පොප්හි ජනප්‍රියතම රස වර්ගය වන්නේ මිස්ටර් පොප් ක්ලැසික් ය.

    මෙසේ ලොකු කුඩා කාගේත් හිත ගත් මිස්ටර් පොප් දැන් අලුත් පෙනුමකින් යුතුව වෙළෙඳපොළට හඳුන්වාදීමට රේණුකා ෆුඩ්ස් ආයතනය කටයුතු කර තිබේ. මිස්ටර් පොප් හි මෙම අලුත් පෙනුමට සමගාමීව මිස්ටර් පොප් වේෆර් ස්ටික්ස් (Wafer Sticks) නමින් අලුත්ම ස්නැක් වර්ගයක් ද හඳුන්වා දී ඇත.

    මෙම අලුත් ස්නැක් වර්ගය පොඩිත්තන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගනු ඇති අතර වයස් භේදයකින් තොරව සියලුදෙනා මෙම අලුත් රසයට ඇලුම් කරනු ඇතැයි යන්න රේණුකා ෆුඩ්ස් සමාගමේ අදහසයි. මිස්ටර් පොප් වේෆර් ස්ටික්ස් (Wafer Sticks), වැනිලා සහ චොක්ලට් යන රස වර්ග දෙකකින් වෙළෙඳපොලේදී ලබා ගත හැක.

    ලංකාවේ ජනප්‍රියතම ස්නැක් වර්ගයක් ලෙස මිස්ටර් පොප් හි දිගු කාලීන දැක්ම පැහැදිලි කරමින් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් නල්ලයියා මහතා මෙසේ පැවසීය. “මිස්ටර් පොප් සන්නාමයත් සමඟ රේණුකා ෆුඩ්ස් ආයතනය තමන්ගේ වෙළෙඳපොළ සලකුණ තබා හමාරයි. අපි මෑතකදී ඕට්ස් සහිත ධාන්‍යමය ආහාරයකුත් (cereal bar) හඳුන්වා දීමට පියවර ගත්තා. වේෆර් ස්ටික්ස් (Wafer Sticks) සමඟ අපේ නිෂ්පාදන එකතුව තව තවත් විවිධත්වය කරා යොමුව ශක්තිමත් වී තිබෙනවා”.

    මිස්ටර් පොප් වේෆර් ස්ටික්ස් (Wafer Sticks) මගින් කිසිදු සැකයකින් තොරව අලුත්, නුහුරු වගේම නැවුම් රස අත්දැකීමක් පාරිභෝගිකයන්ට හිමිවේවි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.