NSB හා මහජන බැංකුවෙන් මධ්‍යම අධිවේගයේ දෙවන කොටසට රු. බිලියන 23.2 ක්

    February, 1, 2017

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන (II) කොටස ඉදි කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අවශ්‍ය රුපියල් බිලියන 23.2ක අරමුදල්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය පහසුකම් ලෙස සලසා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    මෙහිදී වැඩිදුරටත් රජය ප්‍රකාශ කර සිටින්නේ ප්‍රදේශ අතර සම්බන්ධතාව වැඩිදියුණු කරමින් රටෙහි ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ප්‍රමුඛ ව්‍යාපෘතීන්ගෙන් එකක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය රජය විසින් හඳුනාගනු ලැබ ඇති බවයි.