February, 1, 2017
අද (01) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 27,085 ක ලංසු අනුමත කිරීමට රාජ්ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ රුපියල් මිලියන 67,710 ක ලංසු ප්රමාණයක් අතුරිනි.
මෙවර වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොළිය සියයට 9.03 සිට සියයට 9.08 දක්වා සහ දින 364 බිල්පත් පොළිය සියයට 10.37 සිට 10.42 දක්වා ඉහළ ගොස් තිබේ. දින 182 බිල්පත් පොළිය සියයට 10.07 සිට 10.05 දක්ව පහළ ගොස් ඇත.
පහත දැක්වෙන්නේ අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.
Video Story