February, 7, 2017
2017 ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 219,360 ක් බව වාර්තා වේ. ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව 2016 වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ප්රමාණය වූ 194,280 හා සැසඳීමේ දී මෙය සියයට 12.9 ක වර්ධනයකි.
මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් 31,802 ක් චීන ජාතිකයින් වන අතර එය 2016 අනුරූප මාසයට සාපේක්ෂව සියයට 21.9 ක ඉහළ යාමකි. එසේම 2017 ජනවාරි මාසය තුළ ඉන්දියාවෙන් 31,173 ක්, එක්සත් රාජධානියේන් 19,468 ක්, ජර්මනියෙන් 12,471ක්, ප්රංශයෙන් 10,666 ක් සහ රුසියාවෙන් 10,337 ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණි රජයල් ලෙසින් වාර්තා වී ඇත.
Video Story