February, 7, 2017
ලොව පුරා සමාගම් රැසක් විවිධ ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා Six Sigma විධික්‍රමය භාවිතා කරයි. ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා භාවිතයට ගත හැකි ප්‍රබල ක්‍රමෝපායක්වන මෙය, 1980 වසරේදී මෝටරෝල සමාගමෙන් භාවිතය ඇරඹුණු අතර, එතැන් පටන් ලෝක මට්ටමේ සමාගම් සහ ආයතන රැසක් එය සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා දායක කරගෙන ඇත.
පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණු කර ගනිමින් වර්තමානයේ Six Sigma විධික්‍රමය වඩාත් ව්‍යාපාරික කළමනාකරණ ස්වරූපයක් දක්වා වර්ධනය වී ඇත. Caterpillar Inc.සමාගම 2001 වසරේ පටන් සෑම ව්‍යාපාරික ක්ෂේත්‍රයක් සඳහා ම Six Sigma විධික්‍රමය භාවිතයට ගත් අතර, එම සමාගමේ අලෙවි නියෝජිතයන්ට ද එහි ප්‍රතිලාභ අත්විඳීමට හැකි වී තිබේ.
කැටපිලර් සඳහා මෙරට එකම බලයලත් අලෙවි නියෝජිතයාවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, කැටපිලර් සන්නාමය සමග බැඳී පවතින විශිෂ්ට ක්‍රමවේද සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවලට ද දායක කර ගනී. තවද, Six Sigma විධික්‍රමය භාවිතයට ගැනෙන කැටපිලර් නිෂ්පාදන පද්ධතිය (CPS) වැනි කැටපිලර් සමාගමේ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ විධික්‍රම ද UTE සමාගම විසින් භාවිතා කරයි.
කැටපිලර් Six Sigma විධික්‍රමය සමස්ත ආයතනික ව්‍යූහය තුළ යෙදවීම හරහා සිය නිෂ්පාදන සහ සේවාවල අගය වැඩි කර ගනිමින් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට UTE සමාගම සමත්ව සිටී. සමාගමේ Six Sigma ප්‍රවේශය පිළිබඳ අදහස් දක්වමින් UTE සමාගමේ කැටපිලර් ඇමරිකා එක්සත් ජනපදයේ සහතිකලත් Six Sigma මාස්ටර් බ්ලැක් බෙල්ට් තාරක දයාබණ්ඩාර මහතා සඳහන් කළේ නවීන කළමනාකරණ උපාය ක්‍රමයක් ලෙස මෙය, අඛණ්ඩ වර්ධනයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළ භාවිතයට ගැනෙන අතර, දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්‍රවේශය සඳහා සංඛ්‍යාන මෙවලම් භාවිතා කරන විධික්‍රමයක් ලෙස ප්‍රචලිත වී ඇති බවයි. මාස්ටර් බ්ලැක් බෙල්ට් යනු Six Sigma විධික්‍රමයේ උපදේශකයන්ය. බ්ලැක් බෙල්ට් සහ ග්‍රීන් බෙල්ට් හිමිකරුවෝ අදාළ පාර්ශ්වකරුවන් සහ විෂය විශේෂඥයන් සමග ව්‍යාපෘති දියත් කරති. "මෙය හුදු සංඛ්‍යාලේඛන මත පමණක් පදනම් වූ ක්‍රමවේදයක් නොවේ. ඉලක්කගත වෙනසක් සමගින් අඛණ්ඩ වර්ධනයක් අත්පත් කර ගැනීම මෙමගින් අදහස් කෙරෙනවා"
UTE සමාගම Six Sigma විධික්‍රමය සමාගම පුරා ක්‍රියාවට නංවා ඇත."ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, කළමනාකරුවන්, විධායක නිලධාරීන් ඇතුළු විධායක කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් 95% ක් ම ග්‍රීන් බෙල්ට් ලාභීන් වනවා" දයාබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම විධික්‍රමයේ අත්දැකීම් සිය මෙහෙයුම් කටයුතු සඳහා දායක කර ගැනීම සහ එහි ප්‍රතිලාභ ප්‍රවර්ධනය කිරීම සඳහා UTE සමාගම "Six Sigma DMAIC ග්‍රීන් බෙල්ට් සහතික" වැඩසටහන පාරිභෝගිකයන් කිහිප දෙනෙකු සඳහා දියත් කළේය. Six Sigma සංකල්පය ක්‍රියාවට නැංවීම පිළිබඳ දේශීය ආයතන දැනුම්වත් කිරීම එම වැඩසටහනේ අරමුණයි.
"DMAIC" වැඩි දියුණු චක්‍රය යනු Six Sigma විධික්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා භාවිතයට ගනු ලබන ප්‍රධානත ම මෙවලමයි. අර්ථ දැක්වීම, මිනුම් කිරීම, විශ්ලේෂණය කිරීම, වැඩිදියුණු කිරීම සහ පාලනය කිරීම DMAIC යන සංකේත නාමයෙන් අර්ථ ගැන්වේ. Six Sigma විධික්‍රමයේ මූලධර්ම සහ DMAIC ක්‍රියාවලිය අතරතුර එහි භාවිතය ඇතුළු පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍ර රැසක් එහි සහතික කිරීම මගින් ආවරණය කෙරේ. ගැටළු සඳහා මූලික හේතූන් හඳුනා ගැනීම, සිය ආයතනයේ හඳුනා ගත් ගැටළුවක් සඳහා විසඳුම් යෝජනා කිරීම සහ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සහභාගීවන්නන් හට මගපෙන්වීම මේ හරහා සිදු කෙරේ.
"කිසියම් ආයතනයක ආයතනික සංස්කෘතිය වෙනස් කිරීම Six Sigma විධික්‍රමයේ එක් මූලික අංගයකි. Six Sigma වෘත්තිකයන් සැම විටම වෙනසක් ඇති කිරීමේ නියෝජිතයන් ලෙස කටයුතු කරන අතර එම සමාගමේ/ආයතනයේ සංස්කෘතිය සමග ඉතා සමීපව බැඳී සිටිනවා. Six Sigma හරහා UTE සමාගම යම්-යම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. එම විධික්‍රමය ප්‍රවර්ධනය කිරීමට අප කටයුතු කළේ ඒ අනුවයි" ඔහු ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන ජ්‍යෙෂ්ඨ සහ මැදි කළමනාකරුවන්ට මෙන් ම මූලෝපාය සහ මෙහෙයුම් කටයුතුවල නිරත සැලසුම්කරුවන්ට ද බෙහෙවින් යෝග්‍ය වේ. මසක කාලයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සාර්ථකව නිම කරන පිරිසට "Six Sigma DMAIC ග්‍රීන් බෙල්ට් සහතිකය" හිමි වේ.
"මෙය න්‍යායාත්මක සුදුසුකමකට වඩා ප්‍රායෝගික සුදුසුකමක් බව කිව හැකියි. Six Sigma වෘත්තිකයන් හට සිය සමාගමට හෝ ආයතනයට ප්‍රතිලාභ හිමිකර දෙමින් මෙහි ඉගෙනුම් ඵල ක්‍රියාවේ නැංවිය හැකියි. වසර ගණනක් පුරා Six Sigma විධික්‍රමය UTE සමාගමේ වර්ධනයට දායක වී තිබෙනවා. අනෙකුත් සමාගම්වලට ද මෙය ඉතා වැදගත් සංකල්පයක් වන බව අපගේ විශ්වාසයයි" UTE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාද් ඉස්මයිල් මහතා අදහස් පළ කළේය.
Six Sigma පුහුණු වැඩසටහන අතරතුරදී, ක්‍රියාවලියේ වර්ධනයක් පෙන්නුම් කිරීම සඳහා තමන්ගේ ම ආයතනයේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අභියෝගය සහභාගීවන්නන් හට ලබා දෙයි. සමාරම්භක Six Sigma ග්‍රීන් බෙල්ට් සහතික වැඩසටහන සාර්ථකව අවසන් කළ UTE සමාගම, ඉදිරියේදී තවත් පිරිසකට පුහුණුව ලබා දීමට බලාපොරොත්තු වෙයි. සහභාගීවන සෑම අයෙකුට ම උපරිම අත්දැකීමක් සහ අවධානයක් ලබා දීමේ අරමුණින් වැඩසටහන සඳහා ඇතුළත් කර ගන්නා පිරිස 15-20 අතර ප්‍රමාණයකට සීමා කෙරේ.
මීළඟ පුහුණු වැඩසටහන 2017 මාර්තු/අප්‍රේල් කාලය තුළ දියත් කිරීමට සැලසුම් කර ඇත. වැඩිදුර විස්තර sixsigma@ute.lk වෙත යොමු කිරීමෙන් ලබා ගත හැකිය.
සේයා රූ සටහන : UTE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාද් ඉස්මයිල් මහතා, UTE Six Sigma කණ්ඩායම සහ පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස සමග
Video Story