වසරකට ගුවන් මගීන් මිලියන 15ක් දක්වා කටුනායක ධාරිතාව ඉහළට

    February, 8, 2017

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ විසින් 2016 වර්ෂයේදී ගුවන් මගීන් මිලියන 9.5ක් හසුරුවන ලද අතර, 2020 වර්ෂය වන විට ගුවන් මගීන් මිලියන 14.5ක් පමණ හැසිරවීමට සිදුවනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ.

    මෙම ගුවන්තොටුපළෙහි මගීන් හැසිරවීමේ ධාරිතාව වර්ෂයකට ගුවන් මගීන් මිලියන 15ක් දක්වා වැඩි කිරීමට සහ ගුවන්තොටුපළේ යටිතල පහසුකම් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) දෙවන අදියර යටතේ, 'දූරස්ථ නැවතුම් අංගණය සහ උපධාවන පථ' ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.