ඛනිජ තෙල් දත්ත පද්ධතියට DRS ක්‍රියාත්මකයි

    February, 9, 2017

    ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයනු ලබන සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමෙහි (CPSTL) දත්ත පද්ධතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම සඳහා ආපදා ප්‍රතිසාධන විසඳුමක් (DRS - Disaster Recovery Solution) ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.