මහින්ද්‍රා ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර ක්ෂේත්‍ර තුනකට පිවිසෙයි

    February, 13, 2017

    ඉන්දියාවේ ඩොලර් බිලියන 17.8 ක වත්කම්වලට හිමිකම් කියනු ලබන මහින්ද්‍රා සමූහයේ අනුබද්ධිත සමාගමක් වන මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ලිමිටඩ්, ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර අංශ තුනක් සඳහා ඇතුළත් වන බව නිවේදනය කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාව තුළ ට්‍රක් හා බස් රථ, ඉදිකිරීම් උපකරණ සහ බලශක්ති ව්‍යාපාරය අංශ වෙත පිවිසීම නිල වශයෙන් නිවේදනය කරන ලදී. මහින්ද්‍රා සමාගම විසින් සිය දිගුකාලීන ශ්‍රී ලාංකීය ව්‍යාපාර සහකරු වන අයිඩියල් මෝටර්ස් ලිමිටඩ් සමඟ එක්ව මෙම නවතම තෙවදෑරැම් ව්‍යාපාර මෙරට තුළ ආරම්භ කරනු ඇත.

    පසුගිය වසර 8 පුරාවටම මහින්ද්‍රා විසින් මෙරටට හඳුන්වා දුන් විවිධ මාදිලිවල පිකප් රථ හරහා සිය ශක්තිය මැනැවින් මෙරට වෙළෙඳපොළ තුළ ස්ථාපිත කළ අතර තවදුරටත් එම ශක්තිය පුළුල් කරමින් නවතම නිෂ්පාදිත හා උපකරණ රැසක් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීමට මහින්ද්‍රා පියවර ගනු ලබයි. එහිදී ට්‍රක් හා බස් රථ මාදිලි යටතේ Blazo 49, Traco 40, Torro 25 Tipper, Loadking Optimo හා Cosmos මාදිලියේ බස්රථ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ඇත. මේ අතර ශ්‍රී ලංකාවට අලුතින්හ හඳුන්වාදෙන ඉදිකිරීම් උපකරණ අතර අධිකාර්යක්ෂම මහින්ද්‍රා Earthmaster SX 4WD හා Mahindra Powerol බැකෝ ලෝඩර්ස් ඇතුළත් වේ. එසේම 7.5 kVA – 200 kVA ඩීසල් ජෙනරේටර්ස් මාදිලි, මහින්ද්‍රා හි බලශක්ති ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකාවට පිවිසීම සනිටුහන් කරනු ලබයි.

    මෙම නව ව්‍යාපාර ප්‍රවේශය පිළිබඳ අදහස් දක්වමින් Mahindra & Mahindra Ltd හි උප සභාපති, ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී (දකුණු ආසියාව) සන්ජේ ජාධව් මහතා මෙසේ කියා සිටියේය. ‘‘ශ්‍රී ලංකා වෙළෙඳපොළ වෙත මහින්ද්‍රා නාමයෙන් එන ට්‍රක් හා බස් රථ, ඉදිකිරීම් උපකරණ සහ ඩීසල් ජෙනරේටර් මාදිලි හඳුන්වාදීම පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. දකුණු ආසියානු කලාපය තුළ මෙලෙසින් ස්ථාන ගත වීම මූලෝපායික වශයෙන් සමාගම වෙත ඉතා වැදගත් කරුණක් බව අවධාරණය කළ යුතුයි. රළු උපයෝජ්‍යතාවය හා මාදිලිය යන අනන්‍ය වූ සංයෝජනය සමගින් මහින්ද්‍රා වාහන ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී වෙළෙඳපොළ කණ්ඩයක් වෙත ආමන්ත්‍රණය කරනු බව නොඅනුමානයි. ඒ වගේම අපගේ ලාංකීය හවුල්කරුවා වන අයිඩියල් මෝටර්ස් මෙරට තුළ මනා කොට ස්ථාපිත වූ සමාගමක් බව සඳහන් කළ හැකියි. ඔවුන් සතු දැනුම සහ වෘත්තීයමය නිපුණතාවය දේශීය වෙළෙඳපොළ තුළ සාර්ථකත්වය මැනවින් ප්‍රකාශ කරනු ලබනවා. අපගේ ගමන් මගේ තවදුරටත් ඉදිරියට යමින් අපගේ නවතම නිෂ්පාදිත පෙළ ශ්‍රී ලංකාව තුළ සංධිස්ථානයක් වනු ඇති බව අපට විශ්වාසයි. එසේම තවදුරටත් මහින්ද්‍රා නාමය වෙළෙඳපොළ තුළ රැව්පිළිරැව් දෙන්නට සමත් වනු බව නොඅනුමානයි“.
    මෙම අවස්ථාවට එක්වෙමින් අයිඩියල් මෝටර්ස් හි සභාපති නලින් වෙල්ගම මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “මහින්ද්‍රා සමඟ එක්වෙමින් පසුගිය වසර 8 පුරාවට අප ලැබූ සාර්ථකත්වය පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. අපගේ අරමුණ වන්නේ තරඟකාරී මිල ගණන්වලට ලොව විශිෂ්ටතම නිෂ්පාදිත අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමයි. ඔවුන්ගේ දැඩි හා රළු DNA සමඟින් එන මහින්ද්‍රා වාහන සහ උපකරණ ඔවුන් නියෝජනය කරනු ලබන එක් එක් කාණ්ඩයන්වල ශක්තිමත් අගයයක් එක්කරනු ඇති බවට අපට විශ්වාසයි. එසේම අයිඩියල් මෝටර්ස් වන අපට මෙය අපගේ නිෂ්පාදිත පෙළ විවිධාංගීකරණය කිරීමට ලද කදිම අවස්ථාවක් වෙනවා. ඒ හරහා මහින්ද්‍රා සමූහය හට මෙරට තුල සිය ව්‍යාපාර මැනිවින් ව්‍යාප්ත කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා“.

    ශ්‍රී ලංකාවේ ජනාදරයට පාත්‍රවූ සුවිශාල සමාගම් සමූහයක් වන අයිඩියල් මෝටර්ස් හරහා මහින්ද්‍රා සමාගම මෙරට මෝටර් රථ කර්මාන්තය තුළ සිය ආගමනය සනිටුහන් කර තිබේ. මේ අතර අයිඩියල් මෝටර්ස් විසින් කොළඹ, මහනුවර සහ යක්කල ප්‍රදේශවල සිය අද්විතීය ට්‍රක් හා ඉස් රථ ප්‍රදර්ශනාගාර ආරම්භ කර ඇත. එසේම ඉදිරි සයමාසයක කාලය තුළ දිවයිනේ තවත් ස්ථාන 5 ක ප්‍රදර්ශනාගාර ඇරඹීමට අයිඩියල් මෝටර්ස් සැලසුම් කර ඇති අතර සිය ගනුදෙනුකරුවන් හට සුවිශේෂී වූ සේවාවක් පිරිනැමීමට මෙහිදී සැදී පැහැදී සිටී.