February, 13, 2017
ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිලිබඳ තොරතුරු ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම ජනතාවට උදා වී තිබේ.
ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම අත්විද ගැනීමට ඉඩ සැළසෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ජාතික කෞතුකාගාරයේ සංරක්‍ෂණය කරන ලද මැදිරි සංකීර්ණය නැවත විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සමගාමීව මෙම පහසුකම ජාතික කෞතුකාගාර නරඹන්නන් සදහා මුදා හැරීම නොබෝදා සිදුවිය.
මේ අනුව කෞතුක වස්තුවක් නැරඹීමේදී අදාල කෞතුක වස්තුව පිළිබඳව තොරතුරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සවන්දීමට මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ලිඛිත තොරතුරු පරිශ්‍රිලනය කිරීමට ද හැකිවේ.
තවද ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු ඩිජිටල් තාක්‍ෂණය සහිත ජායාරූප ද එක්කර තිබේ.
කෞතුකාගාරයේ තමන් නරඹමින් සිටින ස්ථානය මෙන්ම ඉදිරි නැරඹුම් ප්‍රවේශ පිලිබදව පහසුවෙන් දැනුවත් වීමට ද මේ ඔස්සේ නරඹන්නන්ට හැකිවේ. කෞතුකාගාර ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් දැන ගැනීමේ පහසුකම ද මෙම ඇප් එක මගින් ලැබී තිබෙන අතර ඉදිරියෙදී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකමද ලබා දීමට නියමිතය.
මෙම ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීම අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික ඇමැති එස්බී නාවින්න මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදුවු අතර අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් එතුමා සදහන් කළේ රටේ ජාතික උරුමයන් ආරක්‍ෂාකර ගනිමින් අනාගතයට දායාද කර දීම ගැනීම අප සතු වගකීමක් බවත් ඒ සදහා නවීන තාක්‍ෂණය යොදා ගැනීම කාලෝචිත බවත් ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයට ස්තුතිවන්ත විය යුතු බවත්ය.
මෙම අවස්ථාවට එක්වු ශ්‍රි ලංකා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කළේ මෙම ඇප් එක හදුන්වා දීම නිසා විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් වෙත වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකිවන බවත් කෞතුක වස්තූන් නරඹන්නන්ට වැඩි දැනුවත් වීමක් සහිතව ඒවා නැරඹීමටත් කෞතුක වස්තූන් පිලිඹදව තොරතුරු හදාරන්නන්ට සහ ගවේෂණය කරන්නන්ට මෙය ඉතා වැදගත් වන බවයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙම පහසුකම ජනතාවට ලබා දීම සදහා අවශ්‍යයකරණ ස්මාට් ජංගම දුරකථන කිහිපයක් ජාතික කෞතුකාගාරය වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.
මෙම ඇන්රොයිඩ් යෙදවුම (Android application) ගූගල් ප්ලේස්ටෝ හි (Google playstore) ශ්‍රී ලංකා මියුසියම් යන්න පිරික්සීමෙන් නොමිලේ භාගත (Download) කර ගත හැක.

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂිකා සනුජා කස්තුරිආරච්චි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ (ව්‍යාපෘති) අරුනේෂ් පීටර් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.
Video Story