February, 22, 2017
අපනයන වෙළඳපොළ විවිධාංගීකරණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් අපනයනය සඳහා අලුත් වෙළඳපොළ සළකා බැලීමට කාලය එළඹී තිබෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේ දී විවාදය සඳහා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.
පසුගිය වසර 20ක කාලය තුළ සුළු වශයෙන් අපනයනය විවිධාංගීකරණය සිදුව තිබෙන්නේ. අපට අපනයනය කළ හැකි භාණ්ඩවල සීමාවක් තිබෙනවා. අපේ රටේ අපනයන ඵලදායිතාව රටේ සමස්ත ඵලදායිතාවය සපේක්ෂව වර්ධනය වී නෑ. මෙහිදී තවදුරටත් අපනයන විවිධාංගීකරණය කිරීම වැදගත් වෙනවා. තායිලන්තය,පාකිස්ථානය සමඟ අපනයන කටයුතු සිදු කරනවා. ඉන්දියාව සමඟ විශේෂයෙන් විස්තීර්ණ ආර්ථික සහයෝගීතාවක් ඇති කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.
Video Story