February, 27, 2017
දේපළ සහ වාණිජ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයත් සමග වියදම් කාර්යක්ෂම විකල්ප වාණිජ නඩත්තු විසඳුම් සඳහා ඇති වී තිබෙන ඉල්ලුම මැනවින් හඳුනා ගනිමින් Oxford Elevators සමාගම පසුගියදා මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.
එම සමාගමේ ප්‍රාරම්භක සහ සභාපති එස්.ජේ.කාදර් සහිබු මහතාගේ දැක්ම සහ මගපෙන්වීම අනුව මෙම පියවර ගනු ලැබිණි. Oxford Elevators එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි ආරම්භ කෙරුණු අතර ඩුබායි, අබු ඩාබි, සිංගප්පූරුව යන රාජ්‍යවල මෙන් ම චෙන්නායි, මුම්බායි, බැංගලෝර්, කොල්කටා සහ අහමදාබාද් යන ඉන්දියාවේ සියලු ම ප්‍රධාන නගරවල ද එහි කාර්යාල පිහිටා ඇත. එම සමාගම එලිවේටර් සහ සෝපාන ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික තාක්ෂණික, වෘත්තීය සහ කළමනාකරණ අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි.
මෝටර් රථ ලිෆ්ට්, සෝපාන, ට්‍රැවලේටර්, මූවිං වෝක්, සිසර් ලිෆ්ට්, ඩම්ප් වෙයිටර් සහ පාකින් පද්ධති ඇතුළු පුළුල් පරාසයක විහිදුනු එලිවේටර් ඇතුළු වේගවත්, හාත්පස පෙනෙන, ගෘහස්ථ, යන්ත්‍ර කාමරයකින් තොර (MRL) උත්තෝලක 'Oxford' සන්නාමය යටතේ අලෙවි කෙරේ.
"Oxford එලිවේටර් සහ සෝපාන මෙරටට හඳුන්වා වීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. Oxford සන්නාමය යටතේ අලෙවි කෙරෙන එලිවෙටර් සහ සෝපාන සඳහා නඩත්තුව, අලුත්වැඩියා කිරීම, නවීකරණය කිරීම සහ පිළිසකර කිරීම ඇතුළු වසර 15ක පූර්ණ වගකීමක් අප ලබා දෙනවා" Oxford Elevators සමාගමේ මෙරට කළමනාකාර අධ්‍යක්ෂ අහමඩ් රාජා මහතා සඳහන් කළේය.
"මෙම නව වෙළඳපල තුළ සාර්ථකත්වයට පත් විය හැකිවනු ඇති බව අපගේ විශ්වාසයි. සියලු ම ප්‍රමුඛ පෙළේ සන්නාම ආවරණය කරමින් බාධාවකින් තොර වියදම් කාර්යක්ෂම වාර්ෂික නඩත්තු කොන්ත්‍රාත්වලට එළඹීමට අප අපේක්ෂා කරනවා. ලොව පුරා මුල් නිෂ්පාදකයන් එස්කලේටර් සහ සෝපාන සඳහා ලබා දෙන සීමිත වගකීම නිසා සේවාලාභීන් දැන් විකල්ප සේවා සම්පාදකයන් වෙත යොමු වෙනවා. එම නිෂ්පාදකයන් නඩත්තු සඳහා අධික මුදලක් අය කිරීම, සේවා අවශ්‍ය වූ වේලාවට සේවා නොලැබීම, නිරන්තරයෙන් අමතර ගාස්තු අය කිරීම, නවීකරණ කටයුතු සඳහා අධික මුදලක් අය කිරීම වැනි කරුණු හේතුවෙන් සේවාලාභීන් බොහෝ විට අපහසුතාවට පත් වනවා. Oxford Elevators සමාගම සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ලොව පුරා කීර්තියට පත්ව සිටිනවා" යි ඔහු වැඩිදුරටත් අදහස් පළ කළේය.
Oxford Elevators සමාගම සිය සන්නාමයවන Oxford මෙන්ම Mitsubishi, Otis සහ Sigma ඇතුළු තවත් සන්නාම රැසක එලිවේටර් සහ සෝපාන 1,500 කට අධික සංඛ්‍යාවක් නඩත්තු කරයි. අලෙවියෙන් පසු සේවා සඳහා ඩොලර් මිලියන 1.5 ක වටිනාකමකින් යුතු එලිවේටර් අමතර කොටස් ද එම සමාගමේ මධ්‍යම ගබඩා සංකීර්ණයේ ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ඉන්දියාව පුරා 'Oxford' ඒකක 500 කට අධික සංඛ්‍යාවක් එම සමාගම ස්ථාපනය කර ඇත. සමාගම නඩත්තු කරන Mitsubishi එලිවේටර් සහ සෝපාන ලොව කීර්තිමත් සාප්පු සංකීර්ණ, තරු මට්ටමේ හෝටල් සහ උස් ගොඩනැගිලිවල භාවිතා වේ. මහල් 68කින් යුතු ඩුබායිහි ඇඩ්‍රස් ඩවුන් ටවුන් හෝටලය, මහල් 51කින් යුතු සාජාහි සන්දුස් ටවර්, මහල් 40කින් යුතු සාජාහි අල් තාවුන් ගොඩනැගිල්ල, චෙන්නායිහි එක්ස්ප්‍රස් ඇවනිවු සාප්පු සංකීර්ණය, චෙන්නායිහි හයට් රීජන්සි හෝටලය, බැංගලෝර්හි පූර්ව වැනීසියා සංකීර්ණය, කොල්කටාහි සවුත් සිටි රෙසිඩන්සීස්, මුම්බායිහි රෙහෙජා ගෘප්, මුම්බායිහි භූමිරාජ් ගෘප් ඒ අතරින් කිහිපයකි.
Video Story