හෙට බිල්පත් වෙන්දේසිය ජනාධිපති කොමිසමේ නිරීක්ෂණයට

    February, 28, 2017

    ‘භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව‘ විසින් හෙට (01) දිනයේ දී පැවැත්වීමට භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිරීක්ෂණය කිරීමට තීරණය කර තිබේ. රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි ක්‍රමය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කෙරෙනු ඇත.

    මේ අතර හෙට දිනයේ දී රුපියල් මිලියන 24,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබෙන අතර දින 91, 182 හා 364 යන පරිණත කාලයන්ගෙන් යුතු බිල්පත් රුපියල් මිලියන 8,000 බැගින් ඒ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.