March, 1, 2017
ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන උපායමාර්ගිකව වැදගත් රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්, එම එක් එක් ආයතනය අයත් රේඛීය අමාත්‍යාංශයේ ලේකම් සහ අදාළ ආයතනයේ සභාපති යන ත්‍රෛපාර්ශ්වය විසින් අත්සන් තබනු ලබන 'සාංගමික අදහස පිළිබඳ ප්‍රකාශ' ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රජය සතු ව්‍යවසායන් රටේ ආර්ථික අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා ධනාත්මක ලෙස දායක කරගැනීම පිණිස 'සාංගමික අදහස පිළිබඳ ප්‍රකාශ' යොදා ගත හැකිය.
එහිදී පොදු වගවීම ඉහළ නංවමින්, වැඩිදියුණු කරන ලද සාංගමික පරිචයන්, ශක්තිමත් හා තිරසර මූල්‍ය කළමනාකරණය, තරගකාරිත්වයට හා ජාත්‍යන්තර පරිචයන්ට විවෘත වීම සහ ඵලදායී මානව සම්පත් තුළින් භාණ්ඩාගාරය මත නොයැපෙමින් ස්වාධීන ආයතන ලෙස නැඟී සිටීමට රජය සතු ව්‍යවසායන් දිරි ගැන්වීම හා පහසුකම් සැලසීම සිදු කෙරෙනු ඇත.
Video Story