March, 1, 2017
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 මාර්තු 08 වැනි දින ඉන්දුනීසියාවේ සිදු කෙරෙන රාජ්‍ය සංචාරය අතරතුරදී පහත සඳහන් ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට ශ්‍රී ලංකාව හා ඉන්දුනීසීයාව අතර අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* ඉන්දුනීසියාවේ සමුද්‍රීය හා ධීවර කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර සමුද්‍රීය හා ධීවර කටයුතු සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
* ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍යම ව්‍යවසාය හා සමුපකාර සඳහා අලෙවි සේවා නියෝජිතායතනය (SMESCO) හා ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව (NCCSL) අතර සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
Video Story