පදියපැලැල්ල ජාතික පද්ධතියට එක්වෙයි

    March, 1, 2017

    මෙගාවොට් 3.5 ක ධාරිතාවයකින් යුත් පදියපැලැල්ල ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර අද (01)සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව පෑන්ඒසියන් පවර් පීඑල්සී නිවේදනය කර සිටී.

    රුපියල් මිලියන 900 ක ආයෝජනයකින් ඉදිකරනු ලැබූ මෙම ජලවිදුලි ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් කටයුතු මේ අනුව අද දින සිට ඇරඹෙනු ඇත.