March, 2, 2017
2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිය ආයෝජන ආරම්භ කළ නෝර්වේජියානු ගෝලීය විශ්‍රාමික අරමුදල 2016 වසර වන විට සිය ආයෝජන දෙගුණ කිරීමට පියවර ගෙන තිබේ.
2015 වසරේ දී නෝර්වේජියානු ගෝලීය විශ්‍රාමික අරමුදලේ මෙරට ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 31 ක්වූ අතර 2016 වසර අවසානය වන විට එම වටිනාකම ඩොලර් මිලියන 65 ක් දක්වා වර්ධනය වී ඇත.
මෙම ආයෝජනවලින් 36% ක් මූල්‍ය සේවා අංශය තුළ සිදුකර ඇති අතර 27% ක් කර්මාන්ත අංශය තුළ සිදුකර ඇත.
එසේම නෝර්වේජියානු ගෝලීය විශ්‍රාමික අරමුදලේ මෙරට ආයෝජනවලින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අංශය තුළ 26% ක සහ විදුලිසංදේශ කර්මාන්තය තුළ 11% සිදු කර තිබේ.
සමස්තයක් ලෙස ගත් කළ මෙම අරමුදලින් 16% ක ප්‍රමාණයක් ආසියාව තුළ සිදුකර තිබෙන අතර එයින් වැඩිම ආයෝජන ලැබී ඇති රට වන්නේ ජපානයයි. එය 9% කි. එසේම චීනය හා ඉන්දියාව යන රටවල පිළිවෙලින් 2.7% හා 1% බැගින් ආයෝජනයන් සිදුකර තිබේ.
Video Story