March, 2, 2017
මෙරට ප්‍රමුඛත ම ඉංජිනේරු විසඳුම් සම්පාදකයෙකුවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, අඛණ්ඩව දෙවන වරටත් කැටපිලර් අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවති ක්‍රිකට් තරගාවලිය සඳහා බැංගලෝර් ප්‍රාන්තයේ Gmmco India සහ Tractors India (TIPL) සමාගම් ද Caterpillar Inc. සමාගම ද නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් විය.
කලාපීය කැටපිලර් අලෙවි නියෝජිතයන් අතර අන්‍යොන්‍ය සබඳතාව වර්ධනය කිරීම සහ එම සමාගම්වල කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතා විදහා පෑම සඳහා වේදිකාවක් ගොඩනැගීම මෙම ක්‍රිකට් තරගාවලියේ අරමුණයි.
UTE සමාගම අඛණ්ඩව දෙවන වරටත් මෙහි ශූරතාව දිනා ගත් අතර TIPL සමාගම එහි අනු ශූරතාව දිනා ගත්තේය. පන්දු ඕවර පහළොවකින් යුතු වූ අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් UTE කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. පළමුව පන්දුවට පහර දුන් TIPL කණ්ඩායම පන්දු ඕවර 14ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 58ක් පමණි. ලකුණු 59ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය UTE කණ්ඩායම පන්දු ඕවර 8.1 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. UTE කණ්ඩායමේ නායක සඳුන් සෙනෙවිරත්න හොඳම පිතිකරු ලෙසත් UTE සමාගමේ ම නිර්මාල් ජයසූරිය හොඳම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත්හ. කසුන් ධනංජය තරගාවලියේ වීරයා බවට පත් විය.
"අඛණ්ඩව දෙවන වරටත් කැටපිලර් ක්‍රිකට් ශූරතාව දිනා ගත් UTE කණ්ඩායමට මා සුබ පතනවා. අප සමාගමේ සේවයෙහි නිරත කාර්යමණ්ඩල සාමාජිකයන් සතු විවිධ කුසලතාවන් මෙමගින් ප්‍රදර්ශනය වුණා. තරගාවලිය සඳහා සහභාගී වූ සියලු ම ක්‍රීඩකයන්ට මාගේ සුබපැතුම් එක් කරන අතර, මෙතරම් අනර්ඝ තරගාවලියක් සංවිධානය කිරීම වෙනුවෙන් Gmmo India සමාගමට ස්තුතිවන්ත වනවා" UTE සමාගමේ සභාපති ප්‍රසාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
සේයා රූ සටහන : ජයග්‍රාහී UTE කණ්ඩායම
Video Story