ඉසුරුගේ කටයුතු අහවරයි

    March, 6, 2017

    සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හා ඉසුරු ලීසිං ඒකාබද්ධ වීමේ කටයුතු මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙන බව සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    මේ අනුව 2017 පෙබරවාරි 28 වන දින සිට තනි ආයතනයක් ලෙසින් ඉසුරු ලීසිං සමාගම කටයුතු නොකරන අතර එහි සියලු සේවාවන් සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී නමින් සිදුකෙරෙනු ඇත.

    2014නොවැම්බර් 12 වන දින ඉසුරු ලීසිං සමාගමේ 90.1% ක කොටස් හිමිකාරීත්වය, සෙන්ට්‍රල් ෆිනෑන්ස් විසින් මිල දී ගනු ලැබූ අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 310.4 ක මුදලක් ආයෝජනය කරන ලදී.