March, 7, 2017
ගෝලීය තිරසාර සහ ආයතනික සමාජ වගකීම් විශිෂ්ටත්ව සහ නායකත්ව සම්මාන ප‍්‍රදානෝත්වයේදී සම්මානයට පාත‍්‍රවූ එකම ශ‍්‍රී ලාංකේය ආයතනය බවට පත්වෙයි
කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන තිරසාර ව්‍යාපාරික කටයුතු ඉන්දියාවේ මුම්බායි නුවර පැවති ගෝලීය තිරසාර සහ ආයතනික සමාජ වගකීම් විශිෂ්ටත්ව සහ නායකත්ව සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ඉතාමත් ගෞරවණීය අන්දමින් සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මාන ප‍්‍රදානයේදී ‘තිරසාර උපායමාර්ග සංවර්ධනය’ (Developing Sustainable Strategies) කිරීම යටතේ සම්මානය හිමිවූ අතර ටාජ් ලෑන්ඞ්ස් එන්ඞ් හෝටලයේ පැවති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මානයට පාත‍්‍ර වූ එකම ශ‍්‍රී ලාංකේය ආයතනය වූයේද කොමර්ෂල් බැංකුවයි.
‘අපගේ ව්‍යාපාරික කටයුතුවල එක් ප‍්‍රධාන කුළුණක් වන්නේ තිරසාරත්වයයි. කොමර්ෂල් බැංකුව විසින් තිරසාරත්වය හා සබැඳි සෑම අංශයක් කෙරෙහිම සමීප අවධානයක් යොමුකරනවා’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ‘අපගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු වලදී තිරසාර දර්ශක පිළිබඳව අපි අවධානය යොමුකරනවා. ණය ලබාදීම සහ මානව සම්පත් කළමනාකරණ කටයුතු වලදී මෙය විශේෂයි. මේ නිසා, මෙම සම්මානය මගින් අපි වඩාත් දිරිමත් වෙනවා. බැංකුවේ ප‍්‍රධාන ව්‍යාපාරික උපායමාර්ගය ටි‍්‍රපල් බොටම් ලයින් ප‍්‍රවේශය සමග ඒකාබද්ධ කර තිබෙන අතර එය සමාජමය සහ රටේ සංවර්ධන අවශ්‍යතාවයන් මෙන්ම සේවකයින් සහ අපගේ පාර්ශවකරුවන් වෙනුවෙන් බැංකුව සතු බැඳීම සමඟ සම්බන්ධ වනවා.’
කොමර්ෂල් බැංකුව හරිත බැංකුකරණය, නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණය, සූර්ය විදුලි බලය හඳුන්වාදීම, ඩිජිටල්කරණය තුළින් කඩදාසි භාවිතය අඩුකිරීම යන ක‍්‍රියාමාර්ග වෙත යොමුවෙමින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකිරීම සඳහා කැපවී තිබේ. මීට අමතරව, හරිත ගොඩනැගිලි සංකල්පය යටතේ සිය බැංකු ශාඛා සංවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව මේ වනවිට යොමුවී තිබෙන අතර මෙවැනි බැංකු ශාඛා 04 ක් 2017 දී ඉදිකිරීමට නියමිතය.
පරිසර හිතකාමී වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් ‘හොඳම තිරසාරාත්මක හරිත වැඩසටහන’ යන සම්මානයෙන් 2015 මුම්බායි නුවර පැවති 2015 Asian Customer Engagement Forum (ACEF) හිදී කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී තිරසාරාත්මක අංශය යටතේ ප‍්‍රදානය කළ එකම සම්මානය මෙය වූ අතර ගනුදෙනු කරුවන් සාම්ප‍්‍රදායික බැංකු ක‍්‍රමවල සිට ජංගම දුරකතන සහ අන්තර්ජාල බැංකුකරණය වැනි ඩිජිටල් බැංකු ක‍්‍රම වෙත යොමු කිරීමට කොමර්ෂල් බැංකුව විසින් සිදුකළ වැඩසටහන්වල කාර්යක්ෂමතාවය මෙන්ම කඩදාසි භාවිතය අවම කරමින් ස්වයංක‍්‍රීය බැංකුකරණය ප‍්‍රචලිත කිරීම සඳහා සිදුකළ ආයෝජන සහ කැපවීම මෙම සම්මානය මගින් ඇගයීමට ලක් කෙරුණි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 658 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැසක් ප‍්‍රදානය කර තිබෙන අතර 2016 වසර තුළදී පමණක් ප‍්‍රධාන ජාත්‍යන්තර සම්මාන 10ක් දිනා ගැනීමට බැංකුව සමත්වී තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ 55% ක කොටස් හිමිකාරීත්වයක් සහිත පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.
(මැද) කොමර්ෂල් බැංකුවේ අලෙවි කළමනාකාරිණි, ඉරෝෂා වෙත්තසිංහ මහත්මිය බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගන්නා අයුරු
Video Story