PIA ඩොලර් මිලියන 2 ක් ශ්‍රීලංකන්ට ණයයි

    March, 7, 2017

    පකිස්තානයට බදු දුන් ගුවන්යානය යළි ශ්‍රී ලංකාවට

    අර්ධ බදුකුලී පදනම යටතේ පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය (PIA) විසින් ලබාගත් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත්ව තිබූ Airbus-330 ගුවන් යානය යළි ශ්‍රී ලංකාවට භාර දී තිබේ.

    PIA ගුවන් සේවය සිය ප්‍රමුඛ කාර්යයන් (premier service) සඳහා ලබා ගෙන තිබූ මෙම ගුවන් යානය සඳහා මාස හයක අර්ධ බදුකුලී කාලසීමාවක් සඳහා ඩොලර් මිලියන 19 ක් ගෙවා ඇති බව සඳහන් වේ.

    කෙසේ වෙතත් PIA ගුවන් සේවය විසින් ලබාගත් මෙම යානයට තවත් ඩොලර් මිලියන 2 ක මුදලක් ගෙවීමට ඇති බව වාර්තා වේ.