ධම්මිකගේ සමාගම්වලට නිමල් සමුදෙයි

    March, 9, 2017

    මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු හා කොටස් වෙළෙඳපොළ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා, තමන් විසින් ලැයිස්තුගත සමාගම් කිහිපයකම දරනු ලැබූ තනතුරුවලින් ඉවත් වී තිබේ.

    මේ බව අදාළ සමාගම්වල ලේකම්වරුන් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා යවා ඇත.

    2017 මාර්තු 07 වන දින සිට බලපැවැත්වෙන පරිදි රෝයල් සෙරමික් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීම සඳහා ඔහු විසින් යවා තිබුණු ඉල්ලා අස්වීමේ ලිපිය මේ අනුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් භාරගෙන තිබේ.

    තවද ඊයේ (මාර්තු 08) දින සිට බලපැවැත්වෙන පරිදි අමායා ලෙසර්, කින්ග්ස්බරි හෝටලය, හේකාබ්, හේලීස් හා තලවාකැලේ වැවිලි සමාගම යන ලැයිස්තුගත සමාගම්වල තමන් දැරූ අධ්‍යක්ෂ ධූරවලින් ද නිමල් පෙරේරා ඉල්ලා අස් වී ඇත.

    මෙම සමාගම් සියල්ලකගේම පරම බහුතර කොටස් හිමියා වනුයේ මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා යි.