April, 28, 2014
ඇමරිකාවේ සැන්ෆ්රැන්සිස්කෝහි, සැන් පැබ්ලෝ බොක්ක ආසන්නයේදී ගුවන් යානා දෙකක් එකට හැපී එක් ගුවන් යානාවක් ජලාශයකට වැටුණු බවත් අනෙක් ගුවන් යානය විනාඩි 40 ක් පමණ පියාසර කර ආරක්ෂිතව ගොඩබා තිබෙන බවත් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජලයට වැටුණු Cessna 210 වර්ගයේ කුඩා ගුවන් යානය පැදවූ ගුවන් නියමුවාගේ මෘත දේහය මේ වනවිට හෙලිකොප්ටර් හා බෝට්ටු යොදා ගනිමින් සොයමින් සිටින බවත් ගුවන් යානයේ සුන්බුන් පාවෙමින් තිබෙන බවයි.
අනිකුත් ගුවන් යානය තනි එන්ජිමේ කුඩා ගුවන් යානයක් බවට වාර්තා වන අතර එහි ගමන් ගත් ගුවන් නියමුවා සහ ඔහුගේ බිරිඳ දිවි ගලවාගෙන ඇත.
වාර්තා වන ආකාරයට මෙම අනතුර සිදුවී තිබෙන්නේ ඊයේ (ඉරිදා) පස්වරුවේයි.
ජලාශයට වැටුණු ගුවන් නියමුවා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අයුරු මෙන්න.
Video Story