March, 22, 2017
මේ දක්වා නිකුත් කර ඇති සියලුම භාණ්ඩාගාර බැඳුම්කර නීතිගත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ විමසීමකට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වෙන්දේසි හා පුද්ගලික නිකුතු හරහා නිකුත් කර ඇති සියලුම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මේ අනුව නීත්‍යානුකූලව සිදුකර ඇති ඒවා බවට ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවයි.
එසේ නැතහොත් ඒවා නීත්‍යානුකූලව නිකුත් කළ ඒවා නොවන බවට කිසිවකුට හෝ මහ බැංකුවට අභියෝග කළ හැකි බවත්, බැඳුම්කර කල්පීරීමෙන් පසු ඒවා නිදහස් කරන විට මෙම ගැටළුකාරීත්වය ඇතිවිය හැකිබවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.එබැවින් එවැනි වාතාවරණයක් උද්ගත වීම සඳහා අවකාශ සැලසීමට තම රජයට අවශ්‍යතාවයක් නොමැති බවද හෙතෙම මෙහිදී පැවසීය.
https://www.youtube.com/watch?v=z5v0dOwUqKQ
Video Story