April, 5, 2017
අධික බදු සහන ඉවත් කිරීම මඟින් බදු පදනම පුළුල් කිරීමත්, එමඟින් රාජ්‍ය ආදායම වැඩි කිරීමත් රජයේ ප්‍රතිපත්තිය වේ.
ප්‍රාග්ධන වත්කම් මත කෙරෙන ආයෝජන, රැකියා උත්පාදනය සහ ආයෝජනය කරනු ලබන ප්‍රදේශය යන කරුණු මත පමණක් පදනම්ව ඉදිරියේදී ආදායම් බදු සහන ලබා දෙනු ඇති අතර ඒ සඳහා දැනට කෙටුම්පත් කෙරෙමින් පවතින නව දේශීය ආදායම් බදු පනතට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කෙරේ.
ඒ අනුව, උපලේඛන ii යටතේ ඇතුළත් කිරීමට යෝජනා කර ඇති 'ආයෝජන සහන යෝජනා ක්‍රමය' සහ එහි උපලේඛන iv යටතේ ඇතුළත් කිරීමට යෝජනා කර ඇති '2017 - 2019 දක්වා වන කාල සීමාව තුළ කුඩා හා මධ්‍ය පරිමණ ආයෝජකයින් විසින් සිදු කරනු ලබන ආයෝජන සඳහා ලබා දීමට අපේක්ෂිත සහන යෝජනා' ඇතුළත් කර යෝජිත දේශීය ආදායම් බදු පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Video Story