April, 11, 2017
2017 මාර්තු 31 වන විට ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,119.85 ක් බව මහ බැංකුව නිවේදනය කර සිටී. මෙය 2017 පෙබරවාරි 28 වන දිනට වාර්තා වූ නිල සංචිත වත්කම් ප‍්‍රමාණය වූ ඩොලර් මිලියන 5,634.66 ට වඩා ඩොලර් මිලියන 514.81 ක පහළ යාමකි.
මෙහිදී විදෙස් විනිමය සංචිතය පෙබරවාරි මාසයට සපේක්ෂව මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 4,673.16 සිට ඩොලර් මිලියන 4,164.68 ක් දක්වා ඩොලර් මිලියන 508.48 ක අඩුවීමක් වාර්තා කර ඇත.
Video Story