නියාමකයින් විදුල්ලංකා සැලසුම් ප්‍රමාද කරයි

    April, 18, 2017

    උගන්ඩාවේ විදුලි නියාමන අධිකාරියේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලක දෙපාර්තමේන්තුවේ කටයුතු හේතුවෙන් සිය විදෙස් ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාද වෙමින් පවතින බව විදුල්ලංකා පීඑල්සී කියා සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම මේ බව දැනුම් දී ඇත.

    උගන්ඩාවේ Timex Bukinda Hydro (U) Ltd. අත්පත් කර ගැනීම සඳහා Timex Garments (Pvt) Ltd. වෙත පුද්ගලික නිකුතුවක් හරහා නව කොටස් නිකුතුවක් කිරීමට විදුල්ලංකා පීඑල්සී සැලසුම් කර තිබිණි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන අනුමැතීන් අදාළ අදිකාරීන් වෙතින් මෙතෙක් ලැබී නොමැති බවත්, මේ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සැලසුම් කළ කාලයට වඩා ප්‍රමාද වන බවත් සමාගම වැඩිදුරටත් දන්වා සිටී.