May, 5, 2017
මාර්තු මාසයේ දී කොළඹ සිදු කළ සංචාරයේ දී බලධාරීන් සමග සිදු කළ සාධනීය සාකච්ඡා සහ ඉතා මෑතක දී පැවැත්වුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අර්ධ වාර්ෂික සමුළුව අතරතුර පැවති සාකච්ඡාවලින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වොෂින්ටන් නුවර දී පහත ප්‍රකාශය නිකුත් කරන ලදී.
“බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව, තුන් අවුරුදු ණය පහසුකම තුළින් සහාය ලැබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි දෙවන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම එකඟතාවයකට එළඹුණි.
2017 වසරේ ජූනි මාසයේ දී දෙවන සමාලෝචනය අවසාන කිරීමට ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ වන විට පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස නව දේශීය ආදායම් කෙට්මුපත පාර්ලිමේන්තුවට යොමු කර තිබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මෙම නව පනත ආදායම් එක්රැස් කිරීම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අකණ්ඩව පවත්වා ගෙන යෑමට අවකාශ සලසනු ඇති අතර, මෙය රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි මූලික අංගයකි.
2016 වසර අවසානයේ දී ශුද්ධ විදේශීය සංචිත සඳහා වූ ඉලක්කය සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සිදු වූ පසුබෑම මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම වසර තුළ දී සංචිත නැවත ගොඩනැංවීම සඳහා දරන උත්සාහය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමෙහි පැසසුමට ලක්වේ. මෙලෙස විදේශීය සංචිත ගොඩනැංවීම අඛණ්ඩව සිදු කළ යුතු වන අතර එය ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ පැවති අවදානම අවම කර ගැනීම සඳහා උපකාරී වනු ඇත.
ශ්‍රී ලංකා බලධාරීන් විශේෂයෙන්ම, රාජ්‍ය මූල්‍ය තත්ත්වයෙහි ඇති වූ වැඩිදියුණු වීම සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලාහි ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටී. අවිනිශ්චිත ගෝලීය ආර්ථික වාතාවරණය හමුවේ, රාජ්‍ය මූල්‍ය අංශයේ සහ විදේශීය අංශයේ පවතින අසමතුලිතතා නිරාකරණය කර ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යෑම බෙහෙවින් වැදගත් වනු ඇත.“
Video Story