May, 5, 2017
ප්‍රංශයේ ආර්ථික හා සමාජ සංවර්ධන ආධාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා 'ප්‍රංශ සංවර්ධන ආයතනය' (AFD) ස්ථාපිත කර ඇති අතර, එමඟින් ප්‍රදාන හා සහනදායී ණය සැපයුම් මඟින් මහද්වීප 4ක රටවල් 60කට පමණ සේවාවන් සපයනු ලබයි.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයට අනුබද්ධිතව 'ප්‍රංශ සංවර්ධන ආයතනයේ' කාර්යාලයක් 2005 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබ ඇති අතර ජල සම්පාදන හා සනීපාරක්ෂක, ඒකාබද්ධ නාගරික සංවර්ධනය, ධීවර, ජෛව විවිධත්ව, හරිත බලශක්ති සංවර්ධනය, වන සම්පත් හා වාරිමාර්ග යන හඳුනාගත් ප්රමුඛ ක්ෂේත්රයන්හි ව්‍යාපෘති කිහිපයක් දැනටමත් එම ආයතනයේ අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාව ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රංශ සංවර්ධන ආයතනයේ නව කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමටත්, එම ආයතනයට රාජ්‍ය තාන්ත්‍රික වරප්රසාදිත තත්ත්වයක් ලබා දීමටත් හැකිවනු පිණිස ගිවිසුමකට එළඹීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.
Video Story