අප්‍රේල් මාසයේ පැමිණි සංචාරකයින් 160,000 ඉක්මවයි

    May, 5, 2017

    සියයට 17.5 ක වැඩිවීමක්

    පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 160,249 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය පසුගිය වසරේ අදාළ මාසයේ මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය වූ 136,367 හා සැසඳීමේ දී සියයට 17.5 ක ඉහළ යාමකි.

    මේ අනුව 2017 වසරේ පළමු මාස 4 තුළ 765,202 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර පසුගිය වසරේ මුල් මාස 04 අදාළ අගය වූ 721,185 හා සැසඳීමේ දී එය සියයට 6.1 ක වර්ධනයකි.

    අප්‍රේල් මාසයේ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය 110,891 ක් ලෙසින් සටහන් වන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණි 111,514 ක සංචාරකයින් ප්‍රමාණයට වඩා එය සියයට 0.6 ක සුළු පහළ යාමකි.

    මේ අතර පසුගිය මාසය තුළ දී මෙරටට පැමිණි චීන සංචාරකයින් ගණන 99,045 දක්වා සියයට 2.2 කින් ද, එක්සත් රාජධානියෙන් පැමිණ තිබෙන සංචාරකයින් ගණන 76,978 දක්වා සියයට 11.8 කින් ද, ජර්මානුවන් සංඛ්‍යාව 54,256 දක්වා සියයට 5.3 කින් හා ප්‍රංශ සංචාරකයින් සංඛ්‍යාව 43,861 දක්වා සියයට 1.6 කින් වර්ධනය වී තිබේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මගී ගුවන් තොටුපල වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ සිදුකරනු ලැබූ නවීකරණ කටයුත්තක් හේතුවෙන් වසරේ මුල් කාර්තුව තුළ දී මෙරට ගුවන් ගමන් සීමා කිරීමට සිදුවිය. මේ තත්ත්වය තුළ පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාරකයින් සියයට 0.1 කින් ද, මාර්තු මාසයේ දී පැමිණි සංචාරකයින් සියයට 2.5 කින් ද පහළ ගොස් තිබිණි.

    Page1Apr17
    Page2Apr17
    Page3Apr17
    Page4Apr17