අප්‍රේල් මාසයේ දී විදෙස් සංචිතය තවත් අඩුවෙලා

    May, 8, 2017

    2017 අප්‍රේල් 30 දින වන විට ශ්‍රී ලංකාව සතු නිල විදේශීය වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,045.52 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවකින් අනාවරණය කර සිටී.

    මෙය 2017 මාර්තු 31 දින පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඇමරිකානු ඩොලර් මිලියන 5,117.26 හා සැසඳීමේ දී ඩොලර් මිලියන 71.74 ක සුළු පහළ යාමකි.

    පසුගිය මාසය තුළ දී මෙලෙස නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශ විනිමය සංචිතයේ වාර්තා වන සුළු අඩු වීමකි. අප්‍රේල් මාසය තුළ දී විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 4,162.08 සිට ඩොලර් මිලියන 4,072.19 ක් දක්වා ඩොලර් මිලියන 89.89 කින් අඩු වී තිබේ.

    2017 මාර්තු මාසය තුළ දී ශ්‍රී ලංකාය සතුව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය පූර්ව මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 5,634.66 සිට ඩොලර් මිලියන 5,119.85 දක්වා සියයට 10 ක පහළ යාමක් වාර්තා කර තිබුණි.

    Reserves-April-2017