අර්ථසාධකේ ට පාඩු කළ අයගෙන් නිදහසට කරුණු විමසයි

    May, 9, 2017

    සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළ තුළ කර ඇති ආයෝජනවලින් සිදුවී ඇතැයි පැවසෙන රුපියල් බිලියන 9.5 ක අලාභය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (09) දින මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කරනු ලැබූ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහි පළමු පියවර වශයෙන් අදාළ චෝදනා එල්ල වී ඇති මහබැංකුවේ සහකාර අධිපතිවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු වෙනත් අංශ වෙත මාරු කර යවා ඇති බවත්, ඉදිරියේ දී ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට පියවර ගන්නා බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

    තවද ඉදිරියේ දී අදාළ විමර්ශනය සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගෙන් යුතු කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

    Video Story

    Stock Market

    Exchange Rates