May, 9, 2017
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් අත්සන් තබා නිකුත් කර ඇති රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ විමසීමක් අද (09) පැවති මාධ්‍ය හමුවක දී වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත යොමු විය.
එහිදී වත්මන් අධිපතිවරයා මෙසේ කියා සිටියේය.
“ලංකාවේ පළමුවැනි මහ බැංකු අධිපතිවරයා ඇමරිකානු පුරවැසියෙක්. එක්සත් රාජධානියේ මහ බැංකු අධිපතිවරයා කැනේඩියානු ජාතිකයෙක්. විදේශ රටක පුරවැසියෙකුට මහ බැංකු අධිපතිවරයා විය නොහැකි බවට නීතිමය තත්ත්වයක් පවතිනවාද නැද්ද යන්න කියන්න මම හරියටම දන්නේ නැහැ. මේ පත්වීම කළේ ජනාධිපතිතුමා. අදාළ පත්වීම සිදුකරනු ලබන ක්‍රමවේදයට එය සිදුකළා.“
“ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති සියලුම මුදල් නෝට්ටු නීතියෙන් වලංගුයි“, යැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Video Story