“නැවුම් පළතුරු අපනයනය” පිළිබඳ එක් දින වැඩසටහනක්

    May, 12, 2017

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්තහිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.

    ඒ යටතේ “නැවුම් පළතුරු අපනයනය ”පිළිබඳ එක් දින වැඩමුළුවක් 2017 මැයි 25 දින පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා තාක්ෂණික සේවා අංශය දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේදී ශ්‍රි ලංකාවේ පළතුරු පිළිබඳ හැදින්වීම, පසු අස්වනු තාක්ෂණය, ප්‍රවාහනය, අපනයනය සඳහා ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සහ නිරෝධානය (Quarantine) පිළිබඳව දැනුවත් කරනු ඇත.

    මෙම වැඩසටහනට සහභාගී විමට කැමැත්තක් දක්වන්නේ නම් 2017 මැයි 24 හෝ ඊට පෙර අධ්‍යක්ෂ, තාක්ෂනික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, ක‍ටුබැද්ද, මොර‍ටුව යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112605278 ට ඇමතීමෙන් හෝ mohan@idb.gov.lk ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැක.

    Video Story

    Stock Market

    Exchange Rates