May, 15, 2017
ඉලෙක්ට්‍රික් මෝටර් රථ කර්මාන්තයට විප්ලවීය හඳුන්වාදීමක් කිරීමට ඊශ්‍රායල මූලාරම්භකයින් කණ්ඩායමක් (startup) සමත් වී තිබේ.
එනම් මිනිත්තු 5 ක් වැනි කෙටි කාලයක දී සම්පූර්ණයෙන්ම අරෝපණය කළ හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරියක් නිෂ්පාදනය කිරීමට ඊශ්‍රායලයේ StoreDot මූලාරම්භකයින් විසින් සමත් වීමයි.
එසේම මෙම බැටරිය සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර 480 ක දුරක් ධාවරනය කළ හැකි බවද ඔවුන් තහවුරු කර සිටී.
මීට පෙර ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදක, Tesla විසින් මිනිත්තු 75 ක කාලයක දී සම්පූර්ණයෙන් ආරෝපණය කළ හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරියක් හඳුන්වා දෙනු ලැබූ අතර මේ දක්වා ඉක්මනින්ම ආරෝපණය කළ හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරිය ලෙසින් එය සලකනු ලැබීය.
විවිධාකාර වූ නැනෝ ද්‍රව්‍ය (various nano materials) හා කාබනික සංයෝගයන්ගේ (organic compounds) එකතුවකින් නිෂ්පාදනය කර ඇති මෙම බැටරිය, දැනට ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා යොදා ගන්නා බැටරිවලට වඩා ආරක්ෂිත බවත්, එය ගිනිගන්නාසුළු අවදානමකින් වියුක්ත බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් StoreDot හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය Doron Myersdorf කියා සිටී.
Video Story