ලංකා හොස්පිටල් අධ්‍යක්ෂවරු 7 ක් ඉල්ලා අස්වෙති

    May, 15, 2017

    ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇති බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    කීත් ඩේමියන් බර්නාඩ්, චමින්ද සිරිවර්ධන, වෛද්‍ය අනිල් අබේවික්‍රම, නන්දන ජයන්ත මුණසිංහ, උමාශාන්තී රාජමන්ත්‍රී, මහාචාර්ය මේනකා දිල්හානි සමරවිකුම ලොකුහෙට්ටි සහ වෛද්‍ය රොහාන් ලලිත් විජේසුන්දර යන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙසේ ඉල්ලා අස්වී තිබේ.

    සමාගම් ලේකම්වරයා විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ මෙම සියලු ඉල්ලා අස්වීම් 2017 මැයි 09 වන දින සිට බලපැවැත්වෙන බවයි.

    මෙම ඉල්ලා අස්වීම්වලට පෙර ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි මුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 14 ක් විය.

    3441494819999_

    Video Story

    Stock Market

    Exchange Rates