සොෆ්ට්ලොජික් ලොව විශාලතම අයිස් ක්‍රීම් අවන්හල් ජාලයේ මෙරට නියෝජිතත්වය අත්පත් කර ගනී

    May, 18, 2017

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පුර්ණ අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ 02 යූනියන් පෙදෙසේ පිහිටි බ්ලූ ජින්ජර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සමඟ වත්කම් විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ විසින් මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දීමක් කර ඇත.

    මෙම ගිවිසුමට අනුව Baskin-Robbins අයිස්ක්‍රීම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ, බෙදාහැරීමේ හා සිල්ලර අලෙවියේ පරම පූර්ණ නියෝජිතත්වය සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් වෙත හිමිවනු ඇත.

    Baskin-Robbins ලොව විශාලතම අයිස් ක්‍රීම් අවන්හල් ජාලය ලෙසින් සැලකේ.

    ලොව ප්‍රමුඛතම Burger King අවන්හල් ජාලයේ ශ්‍රී ලංකාවේ පරම පූර්ණ නියෝජිතත්වය හිමිව ඇත්තේ ද සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් සමාගමටයි.

    4151495106774_

    Video Story

    Stock Market

    Exchange Rates