රිචඩ් පීරිස් ණයකර නිකුතුව ඉතිරෙයි

    May, 7, 2014

    රිචඩ් පීරිස් සම‍ූහය විසින් අද නිකුත් කිරීම ඇරඹූ රුපියල් බිලියන 3.5 ක පස් අවුරුදු ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවී තිබේ.

    මේ නිසා, නිකුතු කළමනාකරුවන් පවසන්නේ එය අද සවස 4.30 ට අවසන් කරන බවයි.

    මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ශ්‍රේණිගත කළ ඇප රහිත නිදහස් කල හැකි ණයකර (Rated Unsecured Redeemable Debentures) මිලියන 30 ක් නිකුත් කළ අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇතිවූ නිසා ණයකර ප්‍රමාණය තවත් මිලියන 05 ක් දක්වා වැඩිකර ඇත.

    නිකුතුවේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ එන්.ඩී.බී. ආයෝජන බැංකුවයි.