මෙන්න! සෙලින්කෝ රක්ෂණයේ නවතම ගිණුම්

    May, 15, 2014

    2014 මාර්තු කාර්තුවේදී සෙලින්කෝ රක්ෂණ සමාගමේ  ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව  සියයට 13 කින් පහළ බැස රුපියල් මිලියන 285 ක්වී තිබේ.

    මේ අනුව, සමූහය විසින් මෙම කාර්තුවේදී ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 10.82 කි.

    පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 87.4 ක්වූ සමූහයේ දළ වත්කම් ප්‍රමාණය මාර්තු මාසය වනවිට රුපියල් බිලියන 90.9 ක් දක්වා වර්ධනය වී ඇත.

    මේ අතර, ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 18.3 ක සිට රුපියල් බිලියන 18.7 ක් දක්වා වර්ධනය වී තිබේ.