May, 19, 2014
තරු දේශපාලනය ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ප්‍රකට එකකි. කෙසේවෙතත්, අනාවරණය වන්නේ මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ජනප්‍රිය තරු ගොන්නක් පරාජයට පත්ව තිබෙන බවයි.
කලක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් අසාරුඩීන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහුට ලැබී ඇත්තේ අන්ත පරාජයකි.
මේ අනුව, රාජස්ථානයේ Tonk-Sawai Madhopur ආසනය වෙනුවෙන් කොංග්‍රස් පක්ෂය යටතේ තරග කළ අසාරුඩීන් සිය ප්‍රතිවාදියාට පරාජය වී තිබෙන්නේ ඡන්ද 1,34,000 කිනි.
මේ අතර, කලක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටි මොහොමඩ් කයිෆ්ද මෙවර තරග කළ අතර ඔහුද පරාජයට පත්ව තිබේ.
මේ ආකාරයෙන් සිනමා තරු රැසක්ම පරාජයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Video Story