May, 20, 2014
මේ මාර්තු මාසයේදී බැංකු අංශයෙන් පුද්ගලික අංශය ලබාගන්නා ණය ධනාත්මක වර්ධනයක් තිබීම හමුවේ වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොකිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි.
මේ අනුව, මහ බැංකු ප්රතිපත්ති පොලී අනුපාතය තවදුරටත් සියයට 6.5 ක් සහ සියයට 8.0 ක් ලෙස නොවෙනස්ව පවතින බව මහ බැංකුව සඳහන් කර තිබේ.
මේ අතර, මහ බැංකුව පවසා තිබෙන්නේ රන් ණය සඳහා රජය විසින් ණය සුරැකුම් ක්රමයක් හඳුන්වා දීමට සූදානම් බවයි.
ලෝක වෙළඳ පොළේ රත්රන් මිල අඩුවූ පසුව රත්රන් ඇපයට තබා බැංකු විසින් ලබාදුන් ණය පැහැර හැරීම වැඩිවූ අතර මේ නිසා බැංකු විසින් එම ණය ලබාදීම පසුගිය කාලයේදී අඩු කරන ලදී.
මහ බැංකුව පවසා තිබෙන්නේ රත්රන් ණය ලබාදීම යළිත් පණ ගැන්වීම සඳහා ලබාදෙන රත්රන් ණය සඳහා රජය වෙනුවෙන් ණය සුරැකුම් ක්රමයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය අවසර ලබාදුන් බවයි.
රත්රන් ඇපයට තබා ලබාගන්නා ණය අඩුවීම පුද්ගලික අංශය ලබාගන්නා ණය අඩුවීමට හේතුවක් වී තිබෙන බවද සඳහන්ය.
මහ බැංකුව වැඩිදුරටත් පවසා තිබෙන්නේ පොලී අනුපාත තවදුරටත් අඩුකිරීමට වාණිජ බැංකු වලට අවස්ථාව තිබෙන බවයි.
Video Story