ඔරියන්ට් ගාමන්ට්ස් අළුත් දීගෙක

    May, 21, 2014

    ඔරියන්ට් ගාමන්ට්ස් පීඑල්සී සමාගම ස්ටැෆර්ඩ් ඔරියන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමග ඒකාබද්ධ කිරීමට සූදානම් වේ.

    මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළ දැනුවත් කර තිබෙන අතර ස්ටැෆර්ඩ් ඔරියන්ට් ප්‍රයිවට් ලිමිටඩ් යනු ඔරියන්ට් ගාමන්ට්ස් සමාගමට පූර්ණ අනුබද්ධ සමාගමකි.

    ඔරියන්ට් ගාමන්ට්ස් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම ඒකාබද්ධ කිරීම ජුනි 20 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකරන බවත් ඉන් අනතුරුව එය ඒකාබද්ධ සමාගමක් ලෙස කටයුතු කරන බවයි.

    පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් ඔරියන්ට් ගාමන්ට්ස් සතුව ඇඟලුම් කර්මාන්ත ශාලා 05 ක් තිබෙන අතර එයට ඇඟලුම් කර්මාන්තය පිළිබඳව වසර 28 කට වැඩි අත්දැකීම් ඇත.