May, 23, 2014
2011 සිට 2013 දක්වා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි රුපියල් මිලියන ගණනක දැන්වීම් පළ කරමින් සේවක අර්ථ සාධක අරමුදල පැවසුවත් එය සාවද්‍ය කතාවක් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 2011, 2012 සහ 2013 වසර වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල විසින් පුවත් පත්වල එළි දක්වා තිබෙන්නේ සම්පූර්ණ මූල්‍ය වාර්තා නොවන බවත් උපුටා ගන්නා ලද කෑලි කිහිපයක් පමණක් බවයි.
“මේක මූල්‍ය ප්‍රකාශනයක් නෙවෙයි. ගිණුම් වාර්තාවක් නෙවෙයි. මේකෙන් සේවක අර්ථ සාධක අරමුදලේ වෙන්නෙ මොකක්ද? හොරකම් මොනවාද කියල හොයාගන්න බෑ.“
යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සේවක අර්ථ සාධක අරමුදල විසින් පළකල එවැනි දැන්වීම් මාධ්‍යයට පෙන්වමින් පැවසීය.
තමා දිගින් දිගටම කරුණු දැක්වීම හමුවේ 2014 මැයි 21 වනදා සේවක අර්ථ සාධක අරමුදලේ 2011 මූල්‍ය වාර්තාව එළි දක්වා තිබෙන බව මන්ත්‍රීවරයා කීය.
“මේ මූල්‍ය වාර්තාව සේවක අර්ථ සාධක අරමුදලේ ගිණුම් ගැන නිවැරදිව පැහැදිලි කිරීමක් කරන්නෙ නැහැයි කියල විගණකාධිපතිතුමා අර්ථ සාධක අරමුදල් ඉතිහාසයේ පළමු වතාවට කියනවා.“
Video Story