විදේශීය ආයෝජකයින්ගේ පැටිකිරිය සෙවීමේ මෙහෙයුමක්

    June, 3, 2014

    මෙරටට ආයෝජනය සඳහා පැමිණෙන සමාගම්වල අප ලේඛන (Black List) ගතකර තිබෙන අධ්‍යක්ෂවරුන් සිටීදැයි සොයා බලන්නැයි අදාළ නිළධාරීන්ට තමන් දැනුම් දී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කියයි.

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ අනුව ආයෝජන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේදී මේ වනවිට මෙම කරුණු පිළිබඳව සොයා බලන බවයි.

    ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් මේ වනවිට අවධානය යොමුව පවතින අතර 2014 මුල් කාර්තුව තුළදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති 40 ක් සඳහා අනුමැතිය ලබාදී තිබේ. මීට අමතරව, ආයෝජකයින් සමග ආයෝජන ගිවිසුම් 38 ක් අත්සන් කර ඇත.

    මෙම ආයෝජන ව්‍යාපෘති අතර හෝටල්, සංචාරක නිවාස, නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ඇතුළු ආයෝජන ව්‍යාපෘති තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.