සියැට් ධාවකයින් පන්ගොල්ල ධාවන පථයේ අණසක පතුරයි

    June, 12, 2014

    මෙවර කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ ධාවන තරඟාවලියේදී ජයග‍්‍රාහී ස්ථාන 18 ක් වාර්තා කරමින් කැපී පෙනීමට සියැට් ධාවක කණ්ඩායම සමත් විය.

    මේ අනුව, සියැට් ධාවක කණ්ඩායම මෙම තරගාවලියේදී පළමු ස්ථාන එකක්, දෙවන ස්ථාන හතක්, තෙවන ස්ථාන හතරක්, සිව්වන ස්ථාන තුනක් සහ පස්වන ස්ථාන තුනක් දිනාගන්නා ලදී.

    සියැට් ධාවක කණ්ඩායමේ තරුවක් වූ ධාවන ශූර උපුල්වන් සේරසිංහ SLN 1500 ජජ ෆොර්ඞ් ලේසර්/මැස්ඩා තරගයේ ජයග‍්‍රාහකයා වූ අතර 1300 cc ෆොර්ඞ් ලේසර්/මැස්ඩා තරඟයේ තෙවන ස්ථානයද, SLH 1600 තරගවල පිළිවෙලින් තුන්වන ස්ථානය හා සිව්වන ස්ථානය දිනාගත්තේය.

    මේ අතර, SLH 1600 cc තරඟ දෙකකදී දෙවන ස්ථාන දෙකක් දිනාගත් ජනක ඩයස් මහතා සහ SLGT 3500 cc තරඟ දෙකකදී දෙවන ස්ථාන ජයග‍්‍රහණය කළ උෂාන් පෙරේරා මහතා සියැට් ධාවක කණ්ඩායමේ කැපී පෙනුණු ධාවකයින් විය.

    2014-15 සියැට් ධාවක කණ්ඩායමට අයත් වන්නේ උපුල්වන් සේරසිංහ, ජනක ඩයස්, ශෂික ලක්මාල් විජේරත්න, ලලින් කිරින්ද, ප‍්‍රසන්න ද අල්විස්, ලෙෆ්ටිනන්ට් කර්නල් දුමින්ද ජයසිංහ, ලෙෆ්ටිනන්ට් කර්නල් ඉන්දු සමරකෝන්, උෂාන් පෙරේරා, පසිඳු පීරිස්, ජාක්ස් ගුණවර්ධන සහ දේෂාන් සොලන්කි යන ක‍්‍රීඩකයින්ය.ceatt